spot_img
spot_img

උමා ඔයේ වාසිය ජුලි මාසයේ දී විදුලි බිලට

ජනතා අයිතියට පත් කෙරුණු උමාඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කෙරුණු බැවින් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබා දීමට හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අදාළ ව්‍යාපෘතිය 2017 වසරේ දී ජනතා අයිතියට පත් කිරීමට තිබුණත්, එය සිදු කිරීමට නොහැකි වීමෙන් වාර්ෂිකව රුපියල් කෝටි 900ක පාඩුවක් ලංකා විදුලි බල මණ්ඩලයට සහ රටට සිදු වූ බවයි.

කෙසේ නමුත් උමාඔය ව්‍යාපෘතිය හරහා ජාතික පද්ධතියට අලුතෙන් එකතු වූ විදුලි ඒකක ප්‍රමාණය නිසා, මින් පෙර ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනය සඳහා වූ වියදම සිදු නොවන බැවින් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට දිය හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව එම වාසිය එළඹෙන ජුලි මාසයේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ලබා දීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...