Sunday, April 19, 2026
spot_img
spot_img

ආයෙත් රට භාරගන්න ජනපතිට සහය දෙනවා – ඇමති ලොහාන්

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි, මැදිරිගිරිය මොරගහගකන්ද යන මහවැලි කලාපවල ජනපදිකයන් වෙත සින්නක්කර ඔප්පු 1340ක් බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් ලොහාන් රත්වත්තේ මහතා මේ බව සඳහන්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් රටේ ජනතාවට සේවය කිරීමට ලැබීම සම්බන්ධයෙන් තමා ආඩම්බර වන බව ලොහාන් රත්වත්තේ මහතා මෙහිදී පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයා,

“ ගරු ජනාධිපතිතුමනි, මම මගේ ජීවිත කාලයම ඔබතුමාට විරුද්ධව වැඩ කළ කෙනෙක්. මම කිසිදා විශ්වාස කළේ නැහැ ඔබතුමාගේ රජයක ඇමතිකමක් භාරගෙන ඔබතුමා සමග සම්බන්ධ වි වැඩකිරීමට අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් මේ රටට සේවයක් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව.

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඔබතුමා මේ රටේ ආර්ථිකය ස්ථාවර කර රට ඉදිරියට ගෙන යාමේ අඩිතාලම දැමුවා. අද ජනාධිපති අපේක්ෂකයින් වැහි වැහැලා. කටින් බතල හිටවන අය මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ. ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ රට භාරගන්න කියලා. පෞද්ගලිකව මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි. ” යනුවෙන් ඔහු එහිදී කියා සිටියා.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...