Monday, April 20, 2026
spot_img
spot_img

රනිල් – බැසිල් අදත් සාකච්ඡාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා.

එම හමුව අද පස්වරු 4.30ට මලලසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාවේදී පසුගිය මැයි දිනය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරෙන බවද වාර්තා වෙනවා.

බලය බෙදීම සම්බන්ධයෙන් සහ පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙනස් බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මහාසංඝරත්න, ජාතික සංවිධාන සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීම වැදගත් බවත් මීට පෙර දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...