Sunday, April 19, 2026
spot_img
spot_img

කාන්තා T20 කණ්ඩායම අවසන් පූර්ව වටයට

2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (03) සමත් වුණා.

ඒ තරගාවලියේ පළමු වටය යටතේ තමන් සහභාගී වූ අවසන් තරගයේදී අමෙරිකා කණ්ඩායම ලකුණු 18කින් පරාජය කරමින්.

එහිදී තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දිමට තීරණය කළා.

ඒ අනුව, පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 123ක්.

විශ්මි ගුණරත්න ලකුණු 25ක් රැස්කළ අතර හංසිමා කරුණාරත්න නොදැවි ලකුණු 25ක් රැස්කළා.

ලකුණු 124ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි අමෙරිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 105ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නායිකා චමරි අතපත්තු ලකුණු 14 ට කඩුලු තුනක් දවා ගත්තා.

උදේශිකා ප්‍රබෝධනි සහ ඉනෝකා රණවීර එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වුණා.

එමෙන්ම මෙහිදී චමරි අතපත්තු තරගයේ වීරයා ලෙස සම්මානය ලබා ගත්තා .

මෙම, තරගාවලියේ දෙවන වටයේ තරඟ හෙට (05) ආරම්භ වෙනවා.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ තරග වදින අතර එම තරගය හෙට රාත්‍රී 9 ට පැවැත්වීමට නියමිතයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...