spot_img
spot_img

මියන්මාරයේ තරුණයින්ට විදෙස් රැකියා තහනම්

හමුදා සේවයට බඳවා ගැනීමට සුදුසු වයසේ පසුවන පිරිමි පුද්ගලයින් ට රැකියා සඳහා විදෙස් ගතවීම තහනම් කිරීමට මියන්මාර හමුදා රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මීට සති කිහිපයකට ඉහතදී හමුදා සේවය අනිවාර්ය කරමින් එරට හමුදා බලධාරීන් විසින් නියෝගයක් නිකුත් කර තිබුණා.

විශේෂයෙන් වයස අවුරුදු 18ත් 35ත් අතර පිරිමි පුද්ගලයින් සඳහා මෙම තහනම බල පැවැත්වෙන බව සඳහන්.

ඒ සමගම බොහෝ පිරිසක් එරටින් පැනයාමට උත්සාහ කළ අතර සමහරුන් මේ වනවිටත් අසල්වැසි රටවලට පැනගොස් තිබෙනවා.

මේ හේතුවෙන් පිරිමි පුද්ගලයින් සඳහා විදෙස් රැකියා බලපත්‍ර නිකුත් කිරීමද තහනම් කර ඇති බව සඳහන්.

මියන්මාර ජාතිකයින් විශාල පිරිසක් ආසියානු රටවල් රැසක රැකියා කරන අතර ශ්‍රමිකයින් ලෙස එරට වැසියන්ට විදෙස්ගත වීමට මින් පෙර බාධා පනවා තිබුණේ නැහැ.

නමුත් රට තුළ සිවිල් යුද්ධයක් පවතින බැවින් මෙම සීමා පැනවීමට හමුදා පාලකයින් තීරණය කර ඇති බව සඳහන්.

මාස කිහිපයක් කැරළිකරුවන් හමුවේ ලැබූ පරාජයන් හේතුවෙන් “හමුදා සේවය” අනිවාර්ය කිරීමට මියන්මාර හමුදා පාලකයන් කටයුතු කර තිබෙනවා.

එතැන් සිට මේ දක්වා 100,000ක පමණ පිරිසක් විදෙස් ගත වීම සඳහා අයදුම් කර තිබූ අතර නමුත් එම අවස්ථා අත්හිටුවීමට පාලකයින් ක්‍රියා කර අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...