spot_img
spot_img

චීනයේ අධිවේගයක සිදුවූ නායයෑමෙන් මියගිය ගණන ඉහළට

ජල ගැලීම් ඇතුළු අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන දකුණු චීනයේ ගුඇන්ඩොං හි අධිවේගී මාර්ගයක කොටසක් නායයෑමට ලක්ව තිබෙනවා.

ඉන් මේ වනවිට පුද්ගලයින් 36 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාර්ගයේ මීටර 18ක පමණ කොටසක් මෙලෙස නායයෑමට ලක්ව ඇති අතර ඉන් රථ වාහන 20ක් පමණ අනතුරට ලක්ව තිබුණා.

අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

අනතුරට මුහුණ දුන් පිරිස මුදාගැනීම සඳහා 500ක පමණ පිරිසක් යොදවා තිබූ අතර මාර්ගය නායයෑමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...