Friday, June 5, 2026
spot_img
spot_img

රතුපස්වල තීන්දුව අද

2013 අගෝස්තු පළමු වැනිදා පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (30) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

මීට වසර 11කට පෙර මෙම සිදුවීම වාර්තා වූ අතර, නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.

පසුව සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව මෙලෙස අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

රතුපස්වල වෙඩි තැබීමේ සිදු වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහත්වරුන්ගේ මෙහෙයවීම මත විමර්ශන සිදු කර බ්‍රිගේඩියර්වරයකු ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සිව්දෙනාට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමෙන් පසු නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා නඩුව විභාග කිරීම සදහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...