නැගෙනහිර අප්‍රිකාව පුරා පවතින දැඩි වර්ෂා කාලගුණය නිසා ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 155 දෙනෙකු මිය ගොස් තවත් 236 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සාමාන්‍යයෙන් ලොව පුරා තාපය වැඩිවීම මෙන්ම නියඟය සහ අධික වර්ෂාව ස්වභාවිකව ඇති වන දේශගුණික රටාවක් වන එල්නිනෝ දේශගුණික රටාව හේතුවෙන් ටැන්සානියාවට පවතින වැසි සමය වඩාත් නරක අතට හැරෙමින් ගංවතුර හා දැඩි සුළඟ හෙතුවෙන් මහා මාර්ග, පාලම් සහ දුම්රිය මාර්ග විනාශ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස අහිමි වී තිබෙනවා.
අධික වර්ෂාව ලබන මාසය දක්වා පැවතිය හැකි බවට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇති අතර, අවදානම් ප්‍රදේශවලින් ඉවත්වන ලෙසට දැනුම්දී තිබෙන බවට විදෙස් වාර්තා පෙන්වා දෙනවා.




