spot_img
spot_img

දියතලාව අනතුර ගැන යුධ හමුදාවෙන් විශේෂ විමර්ශනයක්

පුද්ගලයින් 7 දෙනෙකුට මරු කැදවමින් දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන පථයේදී ඊයේ (21) සිදු වූ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා අප්‍රේල් 30 වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පවසනවා.

මූලික විමර්න වලින් පෙනී යන්නේ, එම සිද්ධියට පෙර එම ධාවන පථයේම මෝටර් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුර නැරඹීමට, ප්‍රේක්ෂකයින් එම ධාවන පථය ආසන්නයට පැමිණ ඇති බවයි.

2024 FOXHILL මෝටර් රථ ධාවන තරගය ඊයේ පැවැත්වුණේ දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන පථයේදියි.

වසර 5කට පසුව පැවති මෙම තරගය නැරඹීම සදහා සිටි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි.

තරගයේ පළමු අදියර අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන තරග නිරීක්ෂකයින්ගේ සහ නරඹන්නගේ ගැටී තිබුණා.

එම අන්තුරින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...