spot_img
spot_img

මැතිවරණ කොමිසමට යන විජේදාසගේ නම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තම පාර්ශ්වයෙන් තෝරා පත් කරගත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට පියවර ගන්නා බව එම පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය පවසනවා.

ඒ අනුව නිදහස් පක්ෂ වැඩබලන මහලේකම්වරයා විසින් විජයදාස රාජපක්ෂ මහතාගේ නම සහ විධායක සභාවේ දී ගත් තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය පසුගිය 20 රැස්වූ අවස්ථාවේ ගත් තීරණයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක රැස්වීමක් ඊයේ (21) පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයකදී කැඳවා තිබුණා.

මෙම විධායක සභා රැස්වීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද සහභාගී වී සිටි අතර එහිදී ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයට පත් කර ගෙන තිබුණා.

විධායක කමිටු රැස්වීමෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට උත්සාහ කිරීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබු අතර ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ හෙක්ටර් බෙත්මගේ සාරතීදුෂ්මන්ත ඇතුළු කණ්ඩායමක් කාර්යාලය අසලට මෙසේ පැමිණ තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...