spot_img
spot_img

දුම්රිය නඩත්තු කරන්නෙත් ණය අරන් – බන්දුල

දුම්රිය නඩත්තු කටයුතුවලට පවා වර්තමානය වන විට ණය ගැනීමේ අවශ්‍යතාව මතු ව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්රිය සේවය දිගින් දිගට ම පාඩු ලබන තත්ත්වයකට පත් ව ඇති බවයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ අදහස් පළ කළා.

“අපි පහුගිය දවස්වල දරුවන්ට පාසලට යන්න, රෝහලට යන්න බස් එක නැති පාරවල්වලට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මම බස් 500ක් ණයට අරන් තියෙනවා ඉන්දියාවෙන්. ණයට ගත්තේ නැත්නම්, CTB එකට බස් ගන්න බෑ. දුම්රිය තියෙනවා අවුරුදු 60ක් – 70ක් පරණ එංජින් ගන්න සල්ලි නෑ. සල්ලි නැත්තේ දුම්රිය අලාභයි. අලාභ විඳිනකොට පීලි ටික දාන්නවත් සල්ලි නෑ. මිනිස්සු කියනවා දුම්රිය පීලි පනිනවා කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයට අරන් පීලි 10,000ක් දැන් පනින තැන්වල පීලි දාගෙන යනවා. මමත් අගමැතිවරයාත් දන්න සියලු උත්සාහයන් දරනවා අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගය කෙසේ හෝ විදුලි දුම්රිය මාර්ගයක් බවට පරිවර්තනය කරන්න.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...