spot_img
spot_img

ප්‍රශ්නගත බාල බෙහෙත් සිද්ධියට අදාළව තවත් පෙත්සමක්

හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ත්බෙනවා.

ඒ අනුව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 66 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

එම ඖෂධ මිලදි ගැනීමේ ක්‍රියාවලියේදී මුල්‍යමය හෝ වෙනත් වාසි ලබාගත් පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්කාර පාර්ශ්වය ඉල්ලා තිබේ.

එමෙන්ම වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් වන්දි අයකිරිමේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. 

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...