spot_img
spot_img

ඉරානයට මිසයිල ප්‍රහාර, ගුවන් ආරක්ෂාව තර කරයි

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ගුවන් ආරක්ෂක අංශ විසින් ඉෆ්සාහාන් නගරය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර තුනක් ව්‍යර්ථ කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉරාන බලධාරීන් පෙන්වා දී ඇත්තේ, ඉස්ෆහාන් නගරයේ ගුවන් තොටුපළ සහ හමුදා කඳවුරක් ආසන්නයේ පිපිරීම් තුනක් පිළිබඳව වාර්තා වූ අතර ඒ හේතුවෙන් ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති බවයි.

මේ අතර, ප්‍රහාර හේතුවෙන් ඉරානයේ නගර කිහිපයකම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

කෙසේවෙතත්, මේ වන විට ටෙහෙරානයේ Imam Khomeini ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇති බව ඉරාන මාධ්‍ය පෙන්වා දෙනවා.

අප්‍රේල් 13 වන දින ඉරානය විසින් ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා.

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වෙනවා.

කෙසේවෙතත්, ඉරානය විසින් දියත් කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් යළිත් ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය දැනුම් දීමත් සමඟ ඉරානය ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසු වෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...