spot_img
spot_img

IMF වෙතින් තවත් සහතිකයක්

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

මේ අතර, ශ්‍රී ලංකාව විසින් ගෙවීම පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් පමණ වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එළැඹෙන මැයි මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට එළඹෙනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් උපායමාර්ගික තොරතුරු උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නවතම දත්ත වාර්තා කර තිබුණා.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව විසින් පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව මැයි මස මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට එළඹෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් එම බැඳුම්කරහිමියන්ගේ නියෝජිත කමිටුව සමඟ පැවැති මූලික වටයේ සාකච්ඡා අසාර්ථක වූවත් ඉදිරි සති කිහිපයේ නැවත එකඟතාවයකට පැමිණිමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසනවා.

එහිදි ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණිමට නොහැකිව ඇත්තේ මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය හා බැඳුණු ” සාර්ව සම්බන්ධිත බැඳුම්කර ” සම්බන්ධයෙන් බව සඳහන්.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද ස්ප්‍රිං සමුළුවට සමගාමීව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ෆුජී ඩඉජෝ මහතා අතර හමුවක් පැවැත්වුණා.

එම හමුවේදී ජපාන නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට ජපානයේ අඛණ්ඩ කැපවීම එහිදී සහතික කර ඇති බවයි.

මේ අතර ලෝක බැංකුවේ පෞද්ගලික අංශයට සේවා සපයන ආයතනය වන ජාත්‍යන්තර සමායතනය හී කලාපීය උප සභාපති රිකාඩෝ පුලිට් මහතා අතරද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහිදි මෙරට ආර්ථික ප්‍රගතිය සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා වී ඇති අතර මෙරට මුල්‍ය අංශයේ ස්ථාවරත්වයට සහ දැක්වීමට තවත් ආයෝජන සිදුකිරීමට ජාත්‍යන්තර මූල්‍ය සමායතනය කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති බවට වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...