රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත ගෙවීම් (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතයs.
රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ අධිභාරයන් සමග රුපියල් කෝටි 500කට අධික මුදලක් ගෙවීමට නියමිත බවයි.
වසරේ පළමු රාජකාරිය ලෙස තමන් ඊට අවශ්‍ය උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා කම්කරු ජනතාවගේ නීත්‍යානුකූල අයිතීන් ආරක්ෂා කරමින් වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹිය යුතු බව පෙන්වාදුන්නා.
මේ සම්බන්ධයෙන් දැනට සේවක පාර්ශ්වය විසින් නඩු 2000කට අධික ප්‍රමාණයක් පනවා ඇති අතර ඒ වෙනුවෙන් අදාළ ආයතනවලට නීතිඥ ගාස්තු ලෙස ද විශාල මුදලක් වැය වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.




