Thursday, June 4, 2026
spot_img
spot_img

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවේ ‘Ruang’ ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට සැක පළ කරන බවයි.

1871 වසරේදී එලෙස විදාරණය වූ ගිනි කන්දේ කොටස් මුහුදට කඩාවැටීමෙන් සුනාමි අනතුරක් ද සිදුවුණා.

මේ හේතුවෙන් ගිනි කන්ද අවට වාසය කළ 11,000ක පමණ පිරිසක් ආරක්ෂිත කලාප වෙත යොමුකිරීමට බලධාරීන්ට සිදු වි තිබුණා.

නිරන්තරයෙන් සක්‍රියව පවතින ‘Ruang’ ගිනි කන්ද පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ උතුරුදිග සුලවේසි කලාපයේ දූපතකයි.

විදෙස් වාර්තා සඳහන් කළේ, එම ගිනිකන්ද මේ වනවිට විදාරණය වී ඇති අතර ඉන් ලාවා සහ අළු විහිඳුවමින් පවතින බවයි.

ඉන්දුනීසියාව ලොව වඩාත්ම සක්‍රිය ගිනි කඳු පවතින ගිනි වළල්ල කලාපයේ පිහිටා තිබෙන අතර, මීටර් 725ක උසින් යුතු ‘Ruang’ ගිනි කන්ද සැලකෙන්නේ ඉන් වඩාත් සක්‍රියම ගිනි කන්දක් ලෙසයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...