spot_img
spot_img

දියේ ගිලෙමින් සිටි 6 දෙනෙකු බේරාගනී

පානදුර වෙරළ තීරයේ  දියනාමින් සිටි පිරිසක් අතරින් 6 දෙනෙකු දිය වැලකට හසු වී ගසාගෙන යමින් සිටියදී පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් බේරාගෙන ඇත.

මෙලෙස දිවිබේරාගෙන ඇත්තේ අවුරුදු 16ත් 21ත් අතර වයසැති පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් තිදෙනෙකු‍ ය.

මෙම දරුවන්ගේ දිවි බේරාගැනීමට සමත්ව ඇත්තේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් වන 69951  පුෂ්පකුමාර හා 93731 දේශාන් යන නිලධාරින් දෙදෙනා විසිනි.

ඊයේ (04) සවස් කාලයේ මෙම දරුවන් දියවැලට හසු වූ අවස්ථාවේ මෙම නිලධාරින් දෙදෙනා එකතුව මෙම දරුවන් වෙරළට රැගෙනවිත් වාහාම මූලික ප්‍රථමාධාර ලබා දී දරුවන්ව ඥාතීන් වෙත භාර දී ඇත.

මෙලෙස අනතුර මුහුණ දී ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...