Friday, June 5, 2026
spot_img
spot_img

කමිඳු ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 18ක් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඒ අනුව, මේ වන විට කමිඳු ලකුණු  533ක් සමඟ 46 වැනි ස්ථානයට පත්ව සිටිනවා.

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ශතක දෙකක් (102 හා 164) රැස් කරමින් පළමු වරට ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල මුල් 100 දෙනා අතරට (64) පිවිසි කමිඳු දෙවැනි තරගයේ දැක්වූ දස්කම් මත තවත් ස්ථාන 18ක් මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

දෙවැනි තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 92ක් රැස් කිරීමට කමිඳු සමත් වූ අතර, මේ හේතුවෙන් ශ්‍රේණිගත ලකුණු 533ක් හිමි කර ගැනීමට ඔහු සමත්ව ඇත්තේ සිය ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

මේ තරගාවලියේදී ලකුණු 367ක් රැස් කිරීමට කමිඳු සමත් වූ අතර, මේ දස්කම් හේතුවෙන් ICC හි මාසයේ ක්‍රීඩකයා ලෙස  තේරී  පත් වීමටද ඔහුට හැකි වුණා.

ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 2ක් ඉදිරියට එමින් 25 වැනි තැනට පත්ව ඇති අතර, කුසල් මෙන්ඩිස් ස්ථාන 3ක් ඉදිරියට එමින් 52 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...