මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබෙනවා.
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රයත් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රයත් අදට යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන් වනවා.
පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්.
මේ අතර, අලුත් අවුරුදු චාරිත්‍රයක් වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 15 වන දිනට යෙදී ඇති බැවින් එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අතර, අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් ගම්බිම් බලා පිටව යන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම පෞද්ගලික බස් හිමියන් ද පියවර ගෙන තිබෙනවා.
අතිරේක බස් රථ මෙන්ම විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ගම්බිම් බලා පිටව යන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.




