Friday, June 5, 2026
spot_img
spot_img

ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු 2500ක් බඳවා ගැනීමට පියවර

නව ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් සේවයට බඳවා ගැනීමට සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ රැස්වීමේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) විෂයයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් 6500කගේ අවශ්‍යතාවක් පවතින බවත්, දැනට ගුරුවරුන් 4,441 දෙනෙකු ඒ සඳහා අනුමතව ඇති බවයි.

මේ අතර දැනට ඉංග්‍රීසියෙන් මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම් කරන පාසල් සංඛ්‍යාව 765 ක ප්‍රමාණය මේ වසර තුළ දී 1000 දක්වා වර්ධනය වර්ධනය කිරීමට, ඒවායෙහි ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය ගුරුවරුන් ගණන 6500 දක්වා වැඩි කිරීමටත් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.

ඒ සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන ගුරුවරුන් 2,500 ක් බඳවා ගැනීමටත් ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...