Friday, June 5, 2026
spot_img
spot_img

රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හී ආරක්ෂාව සඳහා පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් යොදා තිබෙනවා.

එම වැඩපිළිවෙළ සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ කැඳවා තිබෙන බව සඳහන්.

සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා හමුවී එම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර තිබෙනවා.

ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453කට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කර තිබෙන බවයි සඳහන් වන්නේ.

එම දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,580ක්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් 510ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,260ක් සමඟින් 7,350කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට මේ වනවිටත් කටයුතු කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...