spot_img
spot_img

ශ්‍රිලනිප වැඩ බලන සභාපති තනතුරට අලුත් මුහුණක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබෙනවා.

අද (08) උදෑසන එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත්වූ අතර, එහිදී එම තීරණය ගෙන තිබුණා.

කෙසේවෙතත්, පක්ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට, තීරණයක් ගැනීමට හෝ ඉල්ලීමක් කිරීමට කිසිදු අයිතිවාසිකමක් හෝ බලයක් නොමැති බව නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පක්ෂ දේශපාලන රැස්වීමක් කැඳවන ලෙස පසුගියදා යොමු කරන ලද ලිපියකට පිළිතුරු ලබා දෙමින් සාරතී දුෂ්මන්ත මහතා මේ බව පෙන්වා දුන්නා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...