spot_img
spot_img

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී හංසනීගෙන් වාර්තාවක්

අන්තර් ජාතික බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් තායිලන්තයේ දී දැන් ක්‍රියාත්මක ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ පසුගියදා (31) ආරම්භ වුණා.

එහිදී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරමින් කැපී පෙනෙන දක්ෂතාවයක් දැක්වීමට ශ්‍රී ලංකාවේ හංසනී ගෝමස් සමත් වූණා.

කිලෝ ග්‍රෑම් 49 ට අඩු බර පන්තිය නියෝජනය කළ හංසනී ගෝමස් ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ.76 ක් ඔසවමින් නව ජාතික වාර්තාවට හිමිකම් කීවේ තමන් නමින් පැවති කි. ග්‍රෑ.75 ක බර ප්‍රමාණය ඉක්ම වීමත් සමඟින්.

මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් තරග වැඳුණු ඩිලංක ඉසුරු කුමාර 5 වැනි ස්ථානය දිනා ගත්තා.

ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 112 ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 145 ක් ඔසවමින්.

මෙම තරග ඉසව්වේදී ඩිලංක එස වූ සමස්ත බර ප්‍රමාණය  කිලෝග්‍රෑම් 247 ක්.

මෙය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසද වාර්තා අතරට එක් වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...