spot_img
spot_img

පොලිතින් මලු නොගත්තොත් වට්ටමක්

දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳ සැල් සහ ඒවායේ වෙළඳ ශාඛාවලින් භාණ්ඩ මිල දී ගැනීමේ දී, මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් ලබා නොගන්නා හෝ නැවත භාවිත කළ හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිත කරන  පාරිභෝගිකයින්ට, රුපියල් 500ට වැඩි බිල්පත් සඳහා රුපියල් 5ක මුදලක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ සඳහා පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ දී සුපිරි වෙළඳසැල්වල ඉහළ කළමණාකාරිවයේ ද එකඟත්වය ද හිමි වූ බවයි.

එම කාරක සභාව හමුවට මෙරට ප්‍රමුඛ සුපිරි වෙළඳසැල් කිහිපයක ප්‍රධානින්, නිමි ඇදුම් වෙළඳසැල්වල ප්‍රධානින් සහ පෑන් නිෂ්පාදන ආයතනවල ප්‍රධානින් ද කැඳවා තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...