spot_img
spot_img

අර්බුද ජයගැනීම ආරම්භ කළ යුත්තේ තමන්ගෙන්මයි – ජනපති

2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීමට හැකිවූ බව ජනාධිපතිවරයා පවසයි.

නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගැනීමට හැකි වූ 6 වැනි අවස්ථාව මෙය බවත් ජනාධිපතිවරයා පැවසීය.

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) මේ බව පැවසීය.

ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැහැදිලි කරමිනි.

“අර්බුද ජයගැනීම ආරම්භ කළ යුත්තේ තමන්ගෙන්මයි. අපේ සිතුවිලි නිවරැදි කරගත්තේ නැත්නම් රටට යහපතක් නැහැ. මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් ක්‍රමයක් වෙනස් කරන්න අපිට පුළුවන් කමක් නැහැ.”

“අද ඩොලරයේ අගය රුපියල් 314යි. දැන් පොලී අනුපාතය 12%යි. දැන් අපේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක්.” 

“දැන් බෙහෙත්, ගෑස්, ඉන්ධන, විදුලිය, පොහොර අර්බුදයක් නැහැ.” 

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...