spot_img
spot_img

අවුරුද්දට සතොසෙන් සහන රැසක්

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ලංකා සතොස ආයතනය පවසන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 09 ක මිල එලෙස පහළ දමා ඇති බවයි.

 ඒ අනුව, පහත සඳහන් මිල අඩු කරන ලද භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (2024 අප්‍රේල් 02)දින සිට දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ලොකු ලූනු (පාකිස්තාන්)) කිලෝවක් රුපියල් 55 කින්, රතු ලූනු කිලෝවක මිල රුපියල් 30 කින්, කඩල (ජම්බෝ) කිලෝවක මිල රුපියල් 16 කින්, අර්තාපල් (පාකිස්තාන්) කිලෝවක මිල රුපියල් 15 කින්, කිරිපිටි ග්‍රෑම් 400 මිල රුපියල් 10 කින්, පාන්පිටි කිලෝවක මිල රුපියල් 8 කින්, ආනයනික බිත්තරයක මිල රුපියල් 7 කින් සහ සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 3 කින් සහ සෝයා මීට් කිලෝවක මිල රුපියල් 2 කින් මිල අඩු කළ බව සතොස සඳහන් කරනවා.

ඒ අනුව, නව මිල ගණන් අනුව ලොකු ලූනු (පාකිස්තාන්)) කිලෝවක  මිල රුපියල් 495 ක් ද, රතු ලූනු කිලෝවක නව මිල රුපියල් 290 ක් ද, කඩල (ජම්බෝ) කිලෝවක නව මිල රුපියල් 494 ක් ද, අර්තාපල් (පාකිස්තාන්) කිලෝවක නව මිල රුපියල් 195 ක් ද, කිරිපිටි ග්‍රෑම් 400 නව මිල රුපියල් 925 ක් ද, පාන්පිටි කිලෝවක නව මිල රුපියල් 192 ක් ද, ආනයනික බිත්තරයක නව මිල රුපියල් 36 ක් ද, සුදු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 192 ක් ද, සෝයා මීට් කිලෝවක නව මිල රුපියල් 593 ක් වන බව සතොස දැනුම් දෙනවා.

මේ අතර, අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබෙනවා.

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ රුපියල් 4,500ක්  වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...