සේනක බටගොඩටට ගීත ගායනා කිරිම වාරණය කරමින් වාරණ ආඥාවක් නිකුත් කර තිබෙනවා
ඒ අද (02) දින කොළඹ වානිජ මහාධිකරණය විසින්.
ඒ අනුව “අපි කවුරැද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත ගායනය කොළඹ වානිජ මහාධිකරණය විසින් වාරණය කරනු ලැබුවා.
එකී ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක යන අය විසින් මෙම නඩුව ගොනු කර තිබු අතර එම සියලු කරුණු සලකා බැලු වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම වාරණ නියෝගය සේනක බටගොඩට එරෙහිව නිකුත් කර තිබෙනවා.
තවද පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමද වානිජ මහාධිකරණය විසින් වාරණය කළ බව සඳහන්.
පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කර සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කල නොහැකි හිමිකමක් වන බවත් සේනක බටගොඩ විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවයි.
නැවත මෙම නඩුව අප්‍රේල් 16 දින කැදවීමටයි වානිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා.




