spot_img
spot_img

සෞඛ්‍ය වෘත්තීය සමිති අද පැය හතරක වර්ජනයක්

වැටුප් ගැටලුව මුල් කරගනිමින් අද (01) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ තෝරාගත් රෝහල් කිහිපයක අද උදෑසන 6.30 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

අද දිනයේ දී සිය ගැටලුවට විසඳුම් ලබාදීමට බලධාරින් අපොහොසත් වුවහොත් හෙට (02) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළා.

“දිවයිනේ සියලු රෝහල්වල පැය 4ක වැඩ වැරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කරලා තිබුණා. නමුත් අද දවසේ ජනාධිපති කාර්යාලයෙන් සාකච්ඡාවකට කතා කරලා තියෙනවා. මේ හේතුව නිසා අපි තීරණය කළා දිවයින පුරා වර්ජනය වෙනුවට රෝහල් 5ක් දක්වා සීමා කරන්න. ඒ අනුව මහනුවර, අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වල අද උදෑසන 6.30 සිට වර්ජනය ආරම්භ කරනවා. අද විසඳුමක් ලැබුණේ නැත්නම් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරනවා

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...