spot_img
spot_img

නෙදර්ලන්ත රාත්‍රී සමාජ ශාලාවක සිටි පිරිසක් ප්‍රාණ ඇපයට

නැගෙනහිර නෙදර්ලන්තයේ Ede නගරයේ හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක පුද්ගලයින් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින අතර ප්‍රදේශයේ නිවාස වලින් ජනතාව ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නමුත් ඊට ත්‍රස්තවාදී අරමුණක් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බවයි ඔවුන් පවසන්නේ.

නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් වූ එම ස්ථානයට විශේෂ පොලිස් ඒකක කිහිපයක් යොදවා ඇති අතර, ප්‍රදේශයේ නිවාස 150 කින් පමණ ජනතාව ඉවත් කර ඇති බවත් එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් වැඩිදුරටත් දැනුම්දෙනවා.

එම රාත්‍රී සමාජ ශාලාවේ ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සහිත පුද්ගලයෙකු විසින් මිනිසුන් රඳවාගෙන සිටි බව ජාතික පුවත්පතක් වන ඩි ටෙලිග්‍රාෆ් නිර්නාමික මූලාශ්‍ර කිහිපයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර Ede වෙත සහ ඉන් පිටතට යන දුම්රිය අවලංගු කර ඇති බව සඳහන් වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...