ජාතික ජන බලවේගයේ නායකයින් පන්සල් නොයන බවට ඇති චෝදනාව දේශපාලන විරුද්ධවාදීන් විසින් ප්‍රචාරණය කරන බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
විජිත හේරත් මහතා මීරිගම දොලහේන ප්‍රදේශයේදී පෙරේදා (28) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේ ,
“ජාතික ජන බලවේගය මේ රටේ සියලු ආගම්වල අයිතිය ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේම ආගමික නිදහස – ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ ප්‍රතිපත්තියේ අපි ඉන්නවා. ඉතින් අපි ඒ වෙනුවෙන් බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ඒ සියලු ආගම්වලට ගරු කරමින් ඒ සියලු ආගම් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා වැඩකරනවා. ඉතින් බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් අපි මැදිහත් වෙනවා. ඉතින් ඒ අර්ථයෙන් තමයි රාමඤ්ඤ නිකායේ උපසභාපති වගකීම මම අරගෙන තියෙන්නේ. ඉතින් අපි ඒ කටයුතුවල නිරන්තයෙන් නිරතව ඉන්නවා. ඒ වගේම හිටපු සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමති. ඉතින් එහෙම නම් ඔය කියන චෝදනා එතනින්ම ප්‍රතික්ෂේප වෙනවා. මේ රටේ ජාතික උරුමයන් රකින්න, මේ රටේ සංස්කෘතිය රකින්න මැදිහත් වෙච්ච, මැදිහත් වෙන දේශපාලන ව්‍යාපාරයක්. එනිසා අපි ආගම්වලට මැදිහත් වෙන්නෑ කියන එක සම්පූර්ණ බොරුවක්. ඒ හිතාමතා අපේ විරුද්ධවාදීන් හදන වැරදි මතයක්”




