spot_img
spot_img

ජනවාරියේ සිට අහෝසි වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද

දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

දේශීය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ් වෙනුවට තීරු බද්ද හා බැදුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඇමතිවරයා කියා සිටියා.

අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳ පලට පැමිණෙන වකවානුවේදී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව හඳුන්වා දිය හැකි බද්දක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත් වු බවයි.

නමුත් එම බද්ද පනවන වකවානුව තුළ රට තුළ ඇති භාණ්ඩ තොග සඳහා වැඩි අගයක් ආරෝපණය වීම, එසේම එම බද්ද අඩුකළ අවස්ථාවලදී රටතුළ ඇති භාණ්ඩවල මිල ගණන් අඩු නොවී අපේක්ෂා කළ සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයා පැත්තට යාම වැනි කරුණු මෙන්ම සමාජයේ කුකුසට භාජනය වී තිබෙන කරුණු මෙම බදු ක්‍රමය අහෝසි කිරීම තුළින් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි නිශ්පාදන වෙළඳපලට පැමිණෙන වකවානුව නිශ්චිතව හදුනාගෙන, දියුණු රටවල මෙන් තීරුබදු හා බැඳුනු නව බදු ක්‍රමවේදයක් හදුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...