එළැඹෙන අඟහරුවාදා උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් අද (27) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ලබා දුන් කාලය අදින් අවසන්ව තිබෙනවා.
සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකත්ව මණ්ඩල රැස්වීමක් අද කොළඹදී පැවැත්වුණා.
Comments




