මෙරට රෝහල්වල තවත් ඖෂධ වර්ග 17ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසනවා.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජි. විජේසුරිය මහතා සඳහන් කළේ, නිරන්තරයෙන් භාවිත නොවන ඖෂධ වර්ග කිහිපයක් ඒ අතර වන බවයි.
හිඟ ඖෂධ සඳහා අදේශක පවතින බවද නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ තිබෙනවා.
මේ අතර, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත පැමිණි තිබෙනවා.
කොමිසම වෙත පැමිණි වෛද්‍යවරයා පැමිණිල්ලක් ඉදිරිපත් කළේ, පසුගිය සමයේ අවස්ථා දෙකකදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ වෛද්‍ය සැපයුම් අංශයෙන් ඉල්ලූ තොරතුරු ලබා නොදීමට එරහිව නීතිමය පියවර ගත යුතු බවයි.
Comments




