Thursday, June 4, 2026
spot_img
spot_img

අඩු ආදායම්ලාභී පවුල්වලට සහල් කිලෝ 20ක්

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ, අප්‍රේල් මාසයේ දී කිලෝග්‍රෑම් 10ක් ද මැයි මාසයේ කිලෝග්‍රෑම් 10ක් ද ලෙස එම සහල් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“රජය බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ අඩු ආදයම්ලාභී පවුල් ඉන්නවා. පසුගිය අවුරුද්දේ අඩු ආදයම්ලාභී පවුල් හැටියට ලක්ෂ 28කට අපි සහල් බෙදුවා. ඒ විදිහටම දිසාපතිවරුන් හරහා ගණනය කිරීමෙන්, විනිවිඳභාවයකින් යුතුව පවුල් 28 ලක්ෂයකට සහල් කිලෝ 20ක් දෙවතාවකට දෙන්න. අප්‍රේල් මසයේ කිලෝ 10කුත් මැයි මාසේ කිලෝ 10කුත්. අප්‍රේල් මාසේ කිලෝ 10 සිංහල හින්දු අලුත් අවුරද්දට ඉස්සරවෙලා ලබාදෙන්න. මැයි මාසේ කිලෝ 10 ඊළඟ මාසේ මුල් සතියේ. ඒක තමයි රජයේ උත්සාහය. මේක පුළුල් අරමුණක්. එකක් වී ගොවියාට… ඔවුන්ට ලැබෙන මිල ඉහළ දැමීම පිළිබඳ හොඳ මඟපෙන්වීමක් විවෘත වෙළෙඳපොළ තුළට. අනෙක් පැත්තෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියාට ආදායමක් ලබාගන්න ක්‍රමවේදයක්. අනෙක් පැත්තෙන් අඩු ආදයම්ලාභී පවුල්වලට සෘජු සහනයක් හැටියට සහල් කිලෝ 20ක් ලබාදෙනවා.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...