Thursday, June 4, 2026
spot_img
spot_img

සජබෙ පිරිසක් ස්වාධීන වන ලකුණු?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරි පත්වන බව නිල වශයෙන් දැනුම් දුන්විට ඊට සහාය දක්වන සජබ පිරිස ස්වාධීන කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවීමට තීරණයක් ගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.

මේ සදහා වන විශේෂ සාකච්ඡාවක් පසුගිය සති අන්තයේ නුගේගොඩ පිහිටි සජබ ප්‍රධාන සාමාජිකයකුගේ නිවසේ පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සදහා සබරගමුව සහ දකුණු පලාත මෙන්ම වයඹ පලාත නියෝජනය කරන දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සහභාගී වී තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.

පොහොට්ටුවේ දේශපාලන කටයුතු වලින් ප්‍රතික්ෂේප වුණු පුද්ගලයන් සජබ ප්‍රධාන කටයුතු සදහා සහභාගී කරගැනීම ගැනද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

එම හේතුව නිසා ප්‍රබල සජබ සාමාජිකයන් පිරිසක් කලකිරීමට ලක්ව සිටින බවත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වූ පසු ඔවුන් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාට සහාය දැක්වීමට එකතුවන බවද මෙහිදී සාකච්ඡා කර තිබෙන බවට වාර්තා වනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...