spot_img
spot_img

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඒ අනුව ඉදිරි මාසවලදී උද්ධමනය 9%ක් පමණ දක්වා ඉහළ යා හැකි බව අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය තවදුරටත් ඉහළ ගියද, 2027 වසරේ දෙවැනි භාගයේදී එය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

ඒ අනුව 2027 වසරේ දෙවැනි භාගය වන විට උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුවේ 5%ක ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟා වනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...

අඛණ්ඩව තෙවැනි වසරටත් සංචාරකයින් ලක්ෂ 20 පසුකරයි; විසි ලක්ෂ වැනියාත් අද එයි

2026 වසරේ විසි ලක්ෂ වැනි සංචාරකයා අද (20) පෙරවරුවේ...