spot_img
spot_img

නාමල්ගේ ඇප නියෝගයට මහාධිකරණයෙන් අතුරු තහනමක්

ක්‍රිෂ් ගනුදෙනු සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ නියෝගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් කොළඹ
මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය සහ නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරු විසින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.

එම කරුණු වලට සවන් දුන් විනිසුරු වරයා නාමල් රාජපක්ෂ මහතාට ලබා දී තිබෙන ඇපය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කර තිබුණා.

ඒ අනුව අදාල පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසින මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් අල්ලස් කොමිසම විසින් ඉල්ලා සිටින අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරන බව පැවසුවා.

ඒ අනුව අදාල ප්‍රතිශෝධන පෙත්සමද විභාගයට ගැනීමට අවසර දුන් විනිසුරුවරයා ඒ පිළිබඳ විභාගය පෙබරවාරි මස 05 වනදා පැවැත්වෙන බවත් නියෝග කලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැණි බවත් එය ප්‍රතිශෝධනය කරන ලෙසත් ඉල්ලා අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය වෙත මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...