spot_img
spot_img

Fitch ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක්

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම (Long-term foreign-currency default rating) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා ඇති බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch) ආයතනය පවසයි.

බාහිර මූල්‍ය අවදානම් ලිහිල් කර ඇති ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පදනම් කරගනිමින් මෙම ණය ශ්‍රේණි උසස් කිරීම සිදු කර ඇති අතර, එහි අපේක්ෂාව (Outlook) ස්ථාවර මට්ටමක පවත්වා ගෙන ඇත.

“බාහිර මූල්‍ය අවදානම් ලිහිල් කර ඇති සහ කම්පනවලට එරෙහිව යම් ඔරොත්තු දීමේ හැකියාවක් සපයන, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් අනාවරණය වන සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙම ණය ශ්‍රේණි උසස් කිරීම මගින් පිළිබිඹු වේ” යැයි එම ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ තවදුරටත් ඉහළ මට්ටමක පවතින ණය සහ ණය සේවා අනුපාතික මෙන්ම, විදේශ විනිමය සංචිත තවමත් මධ්‍යස්ථ මට්ටමක පැවතීම යන සාධක රටේ ණය පැතිකඩට තවදුරටත් බාධාවක්වී ඇති බව ෆිච් ආයතනය අනතුරු අඟවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...