යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී වළේ කැණීම් කටයුතු ආරම්භ කර අගෝස්තු 9 වැනිදාට දින 101ක් ගත වී ඇති අතර, මේ වන විට එහි තිබී මිනිස් ඇටසැකිලි 515ක් ගොඩගෙන තිබේ.
චෙම්මනි සමූහ මිනී වළේ තෙවැනි අදියරේ කැණීම් කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන අනුව, තවදුරටත් දින 56ක කාලයක් අඛණ්ඩව කැණීම් කිරීමට අධිකරණයෙන් අවසර ලැබී ඇති අතර, ඉන් ඉතිරිව ඇත්තේ දින 6ක කාලයක් පමණි.
මෙතෙක් හමුවී ඇති ඇටසැකිලි 515 ඉතා ආරක්ෂිතව යාපනය අධිකරණයේ නඩු බඩු ගබඩාවේ තැන්පත් කර ඇති අතර, ඒවා සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණ සිදු කරමින් පවතී. කෙසේ වෙතත්, මෙම මිනිස් ඇටසැකිලි අයත් වන්නේ කාටද යන්න හෝ ඒවා මෙම ස්ථානයේ තැන්පත් කර ඇත්තේ කුමන කාලයකදීද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.




