spot_img
spot_img

මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් රැඳවියන් 11ක් රෝහලට

නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මේ වන විට එහි තත්ත්වය පාලනය කර ඇති අතර රැඳවියන් නම දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමටද පියවර ගෙන ඇති බවය.

මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිද හමුදාව යොදවා ඇති බවත් පැවසූ ඒ මහතා ඊයේ ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ද එම නිලධාරීන්ගේ සහයෝගය ලබා ගත් බවද සඳහන් කළේය.

එමෙන්ම මේ වන විට ඇති වූ තත්ත්වය සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

මේ අතර මතුව ඇති තත්ත්වය හමුවේ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම අද දින සිදු නොකිරීමටද තීරණය කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...

මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් රැඳවියෙකු මරුට

මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත...