spot_img
spot_img

AI සහ ව්‍යාජ පුවත් රැල්ලට එරෙහිව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකම වේදිකාවක

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව, වෘත්තීය සබඳතා සහ දැනුම් හුවමාරුව ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය (SLIMFA) සංවිධානය කළ SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026 පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

“වෙනස්වන ලෝකයක අදාළත්වය රැක ගැනීම” යන තේමාව යටතේ පැවති මෙම සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකා හා ඉන්දියානු මාධ්‍ය වෘත්තිකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, අත්දැකීම් හුවමාරු කිරීම සහ වේගයෙන් වෙනස් වන මාධ්‍ය පරිසරයට ගැළපෙන නව දැනුම ගොඩනැගීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.

සමාරම්භක අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද එක් විය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය දෙරටේ මාධ්‍යවේදීන් අතර දැනුම, අත්දැකීම් සහ වෘත්තීය සබඳතා වර්ධනය කරන වැදගත් වේදිකාවක් බවට පත්ව ඇති බවයි.

AI, ඩිජිටල් තාක්ෂණය සහ සමාජ මාධ්‍ය හේතුවෙන් ජනතාව තොරතුරු භාවිත කරන ආකාරය වේගයෙන් වෙනස් වන බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම, ප්‍රේක්ෂකයන් තොරතුරු ලබාගන්නා පාර්ශ්වයක් පමණක් නොව ඒවා සත්‍යාපනය කිරීම සහ ඇතැම් අවස්ථාවලදී පුවත් නිර්මාණයටද දායක වන පාර්ශ්වයක් බවට පත්ව ඇති බවද සඳහන් කළේය. මෙම වෙනස්කම් මධ්‍යයේද ජනතාව මාධ්‍යයෙන් අපේක්ෂා කරන්නේ නිවැරදි, සාධාරණ, ස්වාධීන සහ වගකීම් සහගත තොරතුරු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

වැරදි හා නොමඟ යවන තොරතුරු වේගයෙන් ව්‍යාප්ත වන පසුබිම තුළ වෘත්තීය මාධ්‍යකරණයේ වගකීම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, මාධ්‍ය ආයතනවල ප්‍රධානතම වත්කම විශ්වසනීයත්වය බවද ඔහු සඳහන් කළේය.

සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රමුඛ මාධ්‍යවේදීන්, සංස්කාරකවරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ඩිජිටල් මාධ්‍ය නිර්මාණකරුවන්, විද්වතුන් සහ සිසු සිසුවියන් රැසක් සහභාගී වූහ. AI, ඩිජිටල් පරිවර්තනය, මාධ්‍ය විශ්වසනීයත්වය, සත්‍ය තොරතුරු තහවුරු කිරීම සහ අනාගත මාධ්‍ය භාවිතය පිළිබඳ පුළුල් සාකච්ඡා මෙහිදී පැවැත්විණි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...