spot_img
spot_img

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලත් පහළට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් (LAUGFS) ගෑස් මිල ද සැලකිය යුතු මුදලකින් පහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබේ. ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට සමගාමීව මෙම මිල සංශෝධනය සිදු කර ඇත.

ඒ අනුව, මෙතෙක් පැවති මිල ගණන් වෙනස් කරමින් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,965ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 512කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,988ක් වන බව ලාෆ්ස් සමාගම නිවේදනය කරයි. මෙම මිල පහළ දැමීමත් සමඟ පාරිභෝගික ජනතාවට විශාල සහනයක් හිමිවනු ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...