spot_img
spot_img

චරිත් අබේසිංහට එරෙහිව විනය පරීක්ෂණයක් වරදකරුවන්ට පක්ෂයේ ඉඩක් නැති බව විපක්ෂ නායක පවසයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය. විනය පරීක්ෂණයකින් පසු එම සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි උපරිම පියවර ගන්නා බව ඔහු සහතික විය.

තම පක්ෂය තුළ කිසිදු අපරාධකරුවෙකුට හෝ වරදකරුවෙකුට ඉඩක් නොමැති බව අවධාරණය කළ සජිත් ප්‍රේමදාස මහතා, වැරදි කරන ඕනෑම අයෙකුට දඬුවම් ලැබිය යුතු බවත්, ඒ සඳහා ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය යන භේදයක් නොමැති බවත් වැඩිදුරටත් කියා සිටියේය.

තමා කිසිම දිනක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ අපරාධකරුවන් ආරක්ෂා නොකරන බවත්, වැරදි කරන පුද්ගලයන්ට පක්ෂයෙන් කිසිදු රැකවරණයක් හෝ ආශිර්වාදයක් නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...