spot_img
spot_img

උසස් පෙළ විභාගය මාස තුනකට කලින් තියලා – විභාගේ ලියන්නේ අගමැතිනි නෙමෙයිනේ ඒ දරුවොනේ

අද (24) දින රැස් වූ පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය හා එහි කාලසීමාව ගැන ගැටළු කිහිපයක් මතු කර ඇත.

පැවැත්වීමට සූදානම් වන විභාගය ලිවිම දරුවන්ගේ කටයුත්තක් බවත් එම විභාගය ගැන ඔවුන් මතුකරන ගැටලු වලට සවන්දීම ආණ්ඩුවේ යුතුකම බවත්ය ඔහු එහිදී පෙන්වා දුන්නේ,

“ඒ වගේම අපේ උසස් පෙළ ළමයි ලොකු ප්‍රශ්ණෙක ඉන්නවා.සම්පූර්ණ කාලසීමාව නැතුව විභාගය මාස තුනකට කලින් පැවැත්වීම නිසා.මේ විභාගේ අගමැතිනිය ලියන්නෙත් නෑ මෙතන ඉන්න අය ලියන්නෙත් නෑ විපක්ෂය ලියන්නෙත් නෑ ඒ ළමයි තමයි ලියන්නේ.ඒ ළමයින්ට ප්‍රශ්ණයක් තියෙනවා විභාගේ කලින් තියෙන එකට.ඒ ළමයින්ගේ ප්‍රශ්නෙට රජයක් විදිහට ඇහුම් කන් දෙන්න.හැබැයි ඒ ළමයින්ගේ ප්‍රශ්න වලට රජය ඇහුම්කන් දෙන්නැතුව රජය හිතුවක්කාර විදිහට විභාගේ තියන්න යනවා.ඒ ළමයින්ගෙ ප්‍රශ්ණ ආණ්ඩුව අවබෝධ කරගන්න” ලෙසයි.

මීට අමතරවද මෙම ගැටලුව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මතු කල අතර ඔහු පැවසුවේ උසස් පෙල විභාගය කල් දමන ලෙස ඉල්ලමින් නඩු පවරන බවයි.

සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයට සූදානම් වීම සඳහා දරුවන්ට ඕනෑම වසරකදී මාස 24ක කාලයක් ලැබෙන බවත් සමහර අවුරුදුවලදී එය මාස 32 දක්වා වැඩිවුණු අවස්ථාව තිබුණු බවත් ඔහු පවසයි. මෙවර පළමු වතාවට උසස් පෙළ විභාගයට ලියන දරුවන්ට විභාගයට සූදානම් වීම සඳහා ලැබුණේ මාස 21ක කාලයක් පමණක් බව ඔහු චෝදනා කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...