spot_img
spot_img

දිට්වා ආපදාවෙන් විතරක් ඩොලර් බිලියන 4ක් විනාශයි – එල්නිනෝ අවදානමටත් රටට කිසිම සූදානමක් නෑ!

පවතින ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ ඉදිරියේදී මෙරටට බලපෑ හැකි ‘එල්නිනෝ’ (El Niño) තත්ත්වයට මුහුණ දීම සඳහා වත්මන් රජය හෝ වගකිවයුතු අංශ මෙතෙක් කිසිදු නිසි සූදානමක් හෝ සැලසුමක් සකස් කර නොමැති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක රවින්ද්‍රනාත් දාබරේ මහතා අනතුරු අඟවයි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙවැනි දරුණු පාරිසරික පීඩාවලින් බේරීම සඳහා ජනතාවට අවශ්‍ය කරන ‘අනුහුරුවීම්’ (Adaptation), දැනුම හෝ පහසුකම් ලබාදීමට පාලකයන් අපොහොසත් වී ඇති බවයි. “මේවා ගැන කලින් සූදානම් වුණේ නැත්නම්, ජාතික ධනය වගේම මහජනතාවගෙන් රජයට ලැබුණු ධනයෙන් විශාල ප්‍රමාණයක් සිද්ධවෙන හානි පිළිසකර කරන්න විතරක්ම වැය කරන්න වෙනවා” යැයි ඔහු පැවසීය.

මෑතකදී රටට බලපෑ දිත්වා සුළි කුණාටු ආපදාවෙන් සිදු වූ දැවැන්ත ආර්ථික හානිය සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන් දාබරේ මහතා, “දැන් අපි දන්නවා, දිත්වා නිසා වෙච්ච හානිය විතරක් ඇමෙරිකානු ඩොලර් බිලියන හතරකට අධිකයි කියලා තක්සේරු කරලා තියෙනවා.

ඩොලර් බිලියන හතරක් කියන්නේ අපේ රටේ ජාතික සංචිතවල (National Reserves) තියෙන මුළු ඩොලර් ප්‍රමාණයට ආසන්න අගයක්. ඉතින් අපි හැමදාම මෙවැනි විනාශයන්ට නැවත නැවතත් මුහුණ දීලා රට අගාධයට ඇද දමනවාද? නැත්නම් මේවා කලින්ම වළක්වා ගන්න පියවර ගන්නවාද? කියන එක රජය සහ නිලධාරීන් වහාම තීන්දු කළ යුතුයි” යැයි දැඩිව අවධාරණය කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...