spot_img
spot_img

වැට් සහ සමාජ ආරක්ෂණ බදු සඳහා අනිවාර්යයෙන් ලියාපදිංචි වන්න ජූලි 01 දා සිට නීතිය ක්‍රියාත්මකයි

දෛනිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි පිරිවැටුමක් හෝ වාර්ෂිකව රුපියල් මිලියන 36 ඉක්මවන පිරිවැටුමක් සහිත සියලුම සේවා සැපයීම් සහ වෙළෙඳ ආයතන, එළැඹෙන ජූලි 01 වැනිදා සිට එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ බද්ද සඳහා අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් ඊ. ඩී. කරුණාරත්න මහතා පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය. මීට පෙර වාර්ෂික පිරිවැටුම් සීමාව මිලියන 60ක් ලෙස පැවති නමුත්, වත්මන් බදු ප්‍රතිපත්තිය යටතේ එම සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කර ඇත.

ඒ අනුව රටේ පවතින සියලුම තොග සහ සිල්ලර වෙළෙඳාම්, සේවා සැපයීම් සහ නිෂ්පාදන ආයතන දිනකට රුපියල් ලක්ෂයක් ඉක්මවන ආදායමක් උපයන්නේ නම්, මෙම බදු ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

මෙම නව බදු පද්ධතිය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලය හරහා ඉතා පහසුවෙන් ලියාපදිංචි විය හැකිය. මීට අමතරව, දිවයින පුරා පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඕනෑම ප්‍රාදේශීය ශාඛා කාර්යාලයකට ගොස් ද බදු ගෙවන්නෙකු ලෙස ලියාපදිංචි වීමේ අවස්ථාව ව්‍යාපාරික ප්‍රජාවට ලබා දී ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...