spot_img
spot_img

සංචාරක කර්මාන්තයත් අගාධයට මාස 5කින් ඩොලර් මිලියන ගණනක පාඩුවක්

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් අනාවරණය වේ.
මහ බැංකු දත්තවලට අනුව, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් ලෙස ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1,360ක් පමණි.

පසුගිය 2025 වසරේ එම කාලසීමාවේදී සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,543.1ක් ලෙස වාර්තා විය. ඒ අනුව, මෙම වසරේ සංචාරක ආදායම 11.9%ක දැවැන්ත අඩුවීමක් පෙන්නුම් කරයි.
තවද, 2025 මැයි මාසයේදී ඩොලර් මිලියන 164.1ක්ව පැවති සංචාරක ආදායම, මෙම වසරේ මැයි මාසයේදී ඩොලර් මිලියන 155.7ක් දක්වා පහළ ගොස් තිබේ.

සංචාරක ක්ෂේත්‍රය මෙලෙස පසුබෑමකට ලක්වුවද, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට ලැබුණු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3,909.7කි. පසුගිය වසරේ එම කාලයේදී එය ඩොලර් මිලියන 3,102.2ක් වූ අතර, මෙවර විදේශ ප්‍රේෂණවල යම් වර්ධනයක් දක්නට ලැබේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...