spot_img
spot_img

ට්‍රම්ප් ආයෙත් යුද්ධෙට පනින්න සූදානම්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ නැවත යුද්ධයක් ආරම්භ කරන බවට අනතුරු අඟවා ඇත.

ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කළේ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත වසා දැමූ බව ප්‍රකාශ කිරීමත් සමඟ, තාවකාලික සාම ගිවිසුමක් යටතේ පැවැත්වෙන පළමු සාකච්ඡාව සඳහා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉරාන නිලධාරීන් සමග සාකච්ඡා පවත්වන මොහොතකදීය.

ඉරානය විසින් නිවේදනය කර ඇත්තේ ලෙබනනයේ සටන් නැවැත්වීම සඳහා ඇමරිකාව පොරොන්දු වුවද දැන් එය කඩ කරන බවටයි.

මේ හේතුවෙන් ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සමුද්‍රීය ගමනාගමනය නැවත වරක් නතර කළ බවත්, ඉරිදා පැවැත්වෙන සාකච්ඡාවලදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වැනි ප්‍රධාන කරුණු පිළිබඳව සාකච්ඡා නොකරන බවත් පවසා ඇත.

ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, “ලෙබනනයේ සිටින ඉරානයේ ඉහළ වැටුප් ලබන නියෝජිත කණ්ඩායම් ප්‍රශ්න ඇති කිරීම වහාම නැවැත්විය යුතුයි,” ලෙසයි.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවකදී “ඔවුන් එසේ නොකළහොත්, අප පසුගිය සතියේ කළා වගේම, හැබැයි ඊට වඩා බෙහෙවින් දරුණු ලෙස ඉරානයට නැවතත් දැඩි ප්‍රහාර එල්ල කරනවා” යැයි පැවසූ බවයි.

ඉරානය සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ඔවුන්ට රටක් ඉතිරි නොවන බවත් එම මුහුදු මාර්ගයේ පාලනය තමන් යටතට ගන්නා බවටත් ට්‍රම්ප් විසින් ඉරාන නිලධාරීන්ට පවසා ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...