spot_img
spot_img

පන්දු 11 කදී ලකුණු 50 ක් වාර්තා පොත් අතරට ගිය සූර්යවංශී

පළමු පෙළ ක්‍රිකට් තරගවල වේගවත්ම එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායමේ වෛභව් සූර්යවංශී අද (21) සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව දඹුල්ල ජාත්‍යන්තර පිටියේ දී පැවැත්වෙන තරගයේ දී.

එහිදී පන්දු 11ක් තුළ ලකුණු 50ක් වාර්තා කිරීමට ඔහු සමත් වුණා.

ඊට හයේ පහරවල් 05ක් සහ හතරේ පහරවල් 05ක් ඇතුළත් වූවා.

කෙසේ වෙතත් පන්දු 29ක් තුළ ලකුණු 94ක් ලබා සිටි ඔහුව දවාගැනීමට සහන්ආරච්චිගේ සමත් වුණා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වූ තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...