spot_img
spot_img

කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් කෙන්යාවට

2026 නවෝත්පාදන 4 නගර සමුළුවට සමගාමීව පැවැත්වෙන නාගරික දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ ගෝලීය වැඩමුළුවට සහභාගී වන නිල නියෝජිත කණ්ඩායමේ කොටසක් වශයෙන් කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කෙන්යාවේ නයිරෝබි වෙත යාමට නියමිත බව වාර්තා වේ.

ඒ ජුනි 21 සිට 24 දක්වා යන දිනවලදීයි.

ඒ අනුව කොළඹ නගරාධිපතිනිය සඳහන් කර ඇත්තේ මෙම අවස්ථාවට පළාත් පාලන ආයතන, එක්සත් ජාතීන්ගේ ජනාවාස සහ ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයේ නියෝජිතයින් සමඟ එක්වන බවයි.

එමෙන්ම නගරාධිපතිනිය නගරාධිපති සංසදයට ද සහභාගී වීමට නියමිත අතර, එහිදී ඇය තිරසාර නාගරික සංවර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ කොළඹ අත්දැකීම් සහ ඉදිරි දර්ශන බෙදා ගනු ඇති බව ද වාර්තා වේ.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...